Sunday, June 14, 2009

ජන්මය <= පුරුද්ද

ඇත්තටම පුරුද්ද කියන එක ජීවිතේට සෑහෙන
බලපෑමක් කරනව.
සමහර වෙලාවට තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වුණත්
පුරුදු අතෑරෙන්නෙ නෑනෙ............

යටගිය දවස..............................
නෑ නෑ.........මේක එච්චර පරන කතාවක් නෙවෙයි
බෝඩිමේ දොර කැඩිල
වැහුවොත් වැහුවම තමයි ඇරිලි බොරු......
ඒ මදිවට බෝඩිමෙ අයිතිකාරයගෙ
බර බරේ...........
මේ මල්ලි මොකක්ද මේ.....................blah.. blah... blah...
මිනිහ දොර හදන්නෙ නෑ,

අපිත් ඇතෑරියෙ නෑ
දොර වහලම දැම්මා
අලුත් දොරක් හදා ගත්ත
දොරක් නෙවෙයි දොරවල් හතරක්ම
ජනෙල් දොරවල් බවට පත් කරා
හරිම සිම්පල් ප්ලෑන් එකක්.........

බෝඩිම පාර අයිනෙමයි තියෙන්නෙ
දහ පාලොස් දෙනෙක් හැම තිස්සෙම ජනේලෙන් පනිද්දි
පාරෙ යන එන අයගෙ මූනු දිහා බලන්න ලස්සනයි

මොන මහත්තය ආවත්
ජනේලෙන් තමා ඇතුලට ගන්නෙ
කරදරකාරයො එන එකත් සෑහෙන්න අඩු උනා......
හැම කළු වලාවකම රිදී රේඛාවකුත් තියනවනෙ
වැඩේ හොඳම හරිය කියන්නෙ
අපි සමහර වෙලාවට අමාරුවෙන් දොර ඇරල තියනව
ඒ වෙලාවටත් ටියුබ් ලයිට් ඩයල් ජනේලෙන් පනිනවනම්
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නොකිය වෙන මොනව කියන්නද.......

Thursday, June 4, 2009

කළුවරේම බින්ද පැතුම්

මාලකට ලොකු ප්‍රශ්නයක්
මොකක්ද බං මේ කළුවරේම බිඳල තියෙන්නෙ?
කවුරුත් වැඩ පැත්තක තියලා මාලක පැත්තට හැරුණා
කොටින්ම Tag mode එකේ හිටිය ගැටයත් රවල බැලුවා මොකද මේ කියලා
බිඳිල නම් පොඩ්ඩක් හොයල බලන්න එපායැ...
බැලින්නම් මාලකට සිංදු කෑල්ලක් ඇහිල
අපිත් පොඩ්ඩක් කන දාල බැලුවා

අයියෝ...
මේ අර ප්‍රිහාන්ගෙ සිංදුවනෙ
ඒක අහල අහල සති දෙක තුනක්ම පට්ට ගැහුවා
හැම විනාඩි 15කට සැරයක්ම කාට හරි මේක අහන්න ඕන වෙනවා
ඉතින් මුළු දවල පුරාම
"යායට පායනා පෝ දා සඳ
තෙත බේරෙනා පිනි දෝරෙක..." තමයි

මේ ගෝතය වැඩිය බෝඩිමෙ නෑනේ
ඉතින් කොහෙද සින්දුව දන්නේ!
මාලකගෙ ප්‍රශ්නෙට තාම උත්තරයක් නෑ
මොකක් ද බං මේ "පැතුම් සේරම... කළුවරේ බින්දා..." කියන්නෙ?

කට්ටිය පටන් ගත්තා එකේක අර්ථ දැක්වීම් දෙන්න
ම්හ්... එකක් වත් හරි යන ඒව නෙවෙයි
ඩිං... ‍ඩොං...
10.45 යි
විනාඩි 45න් 45ට ජෝක් දාන හෙළාගෙ මොළේ පෑදුනා
හෙළා කියන්නේ විනාඩි 45න් 45ට ඇක්ටිව් වෙන thread එකක්

"අයියෝ සිම්පල් නෙ!
වීඩියෝ එකේ ප්‍රධාන චරිතෙ (එයාගෙ නම පැතුම් නෙ)
කළුවරේ ඔක්කොම බිඳලා...."

හෙළාගෙ ගණ දෙවි නුවණ නොතියෙන්න
අපි තාම හොයනවා කළුවරේ බිඳුනෙ මොකක්ද කියල.........



Wednesday, June 3, 2009

ගැටයාගේ වගතුග

මට මතකයි දවසක් ගැටය ගැන කිව්වා,
හැබැයි වැඩි විස්තරයක් නම් කියන්න වුණේ නැහැ.
ගැටය ගැන තනි වචනයකින් කියනව නම්
"නොදැමුණු" තමයි හොඳම වචනය.

ස්.......... වැඩිය හයියෙන් කියවන්න එපා,
ගැටයට ඇහෙයි.

ගැටයා තමයි බෝඩි‍මේ අදිසි හස්තය.
කොයි වෙලාවෙ කාගෙ හරි ඇඟට කඩා පනී‍විද කියල දන්නෙ ගැටයම විතරයි.
සමහර විට මේක ටයිප් කරල ඉවරවෙන්න කලින් මාව
දිව්‍ය ‍ලෝක හතරෙන් එකකට හරි අපායට හරි ගිහිල්ල තියෙන්නත් පුළුවන්.
එහෙම වුණොත් එහෙදි හම්බ වෙච්ච වෙලාවකට විස්තරේ කියන්නම්.
ඒ තරමටම ගැටය විශිෂ්ටයි. අවිනිශ්චිතයි. තුච්ඡයි.

ගැටය අපිව පෙළුවට අපේ වැඩේම
වන්දිභට්ටයො රෑන වගේ ගැටයට ප්‍රශස්ති කියන එක.

ගැටයා සුවඳයි මල සේ.........
ගැටයා හඳට ගියාලූ..............
ගැටයා මයි ලොව දෙවියන් වන්නේ...............
පෙම්බර ගැටයාණ.....නුඹ නැති සඳපාන.........
ගැටයා නමින් කව් ගී ලියැවුණා මදී.......

ඉතින් ගැටයත් හිනාවෙවී මේව අහගෙන ඉන්නව.
ඒක මහ දුෂ්ට හිනාවක්....

අපි ගැටයගෙ ජාන සිතියම සකස් කළා.
ඒක හරිම සරලයි.
ගැටය හැම වෙලේම මෙන්න මේ අවස්ථාවලින් එකක තමයි ඉන්නෙ.
Tag mode - ගැටය එක තැන
Sleeping mode
Shaking mode - ගැටය කකුල් දෙක හොලව හොලව ඉන්නව
රූටින් ‍mode - මේක ඔයගොල්ලොන්ට කිව්වට තේරෙන්නෙ නෑ
ගැටය වැඩිපුරම ඉන්නෙ ආලවක mode එකේ තමයි.......
ඔය mode වලින් පිට ගැටය ඉන්න වෙලාවක් හොයාගන්න අමාරුයි.

ගැටයගෙ ගම ගොඩකවෙල අටකලම්පන්න.
හැබැයි මිනිහ සිංහබාහුගෙ මුණුපුරෙක්.
නිරහංකාර ගැටය මේව කියන්නෙ නෑ.
දවසක් ලොකු සටනක් මැද්දෙදි "මම සිංහයෙක් තමයි යකෝ!!!" කියන කොට තමයි අපිත් දැනගත්තෙ.

මේ භයංකාර ශාපයෙන් අපිව ගලව ගන්න පුළුවන් අදහසක් තියෙනව නම් ප්‍රතිචාරයක් දක්වලම යන්න.

මතු සම්බන්ධයි. (ජීවත් වෙලා හිටියොත්...)