Sunday, May 31, 2009

සුවඳ මට දී... පාට තැවරූ... - අමරදේව ? බැංකුවට වැරදිලා වත්ද?

පහුගිය දවස් ටිකේ පෝස්ට් එකක් දැම්මෙ නැත්තෙ
බෝඩිමේ මුකුත් වුණෙ නැති නිසා කියල හිතුවද?
අප්පා මොනවද නොවුණේ....
ඒත් exam අත ළඟනේ
කට්ටිය පොඩ්ඩක් අක්‍රීය වෙලා
ලියන්න වෙලාවක් හොයාගන්න අමාරුයි.

මේ පෝස්ට් එකේ තියෙන්නේ අපි මේ දවස්වල වැඩිපුරම බලන මියුසික් වීඩියෝ ටිකක් ගැන
මේව ‍වැඩිපුරම හොයන් එන්නෙ අපේ ගැටයා
Downloading නම් ඉතින් ගැටයා තමයි.
ගැටයා කිව්වම ඉතින් දන්නවනේ
හිතන් ඉන්නෙ Encarta 2025 කියලා, හැබැයි දන්න මඟුලකුත් නෑ
(ඔන්න ඉතින් ගැටය‍ට බැනල අපිට ඊළඟ පෝස්ට් එක දාන්න වෙන්නෙ ජීවත් වෙල හිටියොත් තමයි.

චන්දනගෙ "සුවඳ මට දී" සින්දුව ප්‍රියා සූරියසේන කිව්වොත් කොහොමද?
අමරදේව මාස්ටර් කිව්වොත්?
අම්මට සිරි....



මියුසික් වීඩියෝවල පිස්සු නටන ගායිකාවක් කලකට පස්සේ තවත් වීඩියෝ එකක් කරල. මායා කුරුල්ලෝ මතක ඇතිනේ.
පුදුමයි.....
ඒකත් හරිම විකාරයි!
සතුටුයි.......




Thursday, May 28, 2009

n-1 threads

මොකක්ද අප්පේ මේ හුටපටේ...
කතන්දරේ පටන් ගන්නෙ මෙහෙමයි.
exam කාලෙනෙ
කවුරුත් බෝඩිමේ.
කොටින්ම වැඩිය පේන්නෙ නැති දිලුමුත් ඉන්නවා.
ඔන්න ඔන්න කතාව වෙන පැත්තකට යනවා.
දිලුම් ගැන පස්සෙ කියන්නම්කො....

බෝඩිමේ වැදගත්ම function එක දවසට තුන් පාරක් ම වෙනවා.
වෙන මොකක්ද ඉතින්
කන එකනේ...
යකෙක් කන්න බඩගිනි සෙට් වුණාට
රෝයල් එකේ මුදලාලි බෝධිසත්වයෙක් නෙවෙයිනෙ
පොකට් එක චූෂණ පොම්පෙකට අහුවෙලා හිඳිල යනවා.
බලාගෙන ඉන්න බැරුව පටන් ගත්ත අළුත් වැඩක්.
n-1 threads

හරිම සරල වැඩක්
අපි n දෙනෙක් විතර සෙට් වෙනවා
කෑම ගේන්නෙ n-1 ගාණක්.
වෛවාරණ මෙනු තමා ගේන්නෙ.
දෙලුයි චොප්සියි වගේ...
ගෙනාපු කෑම ටික එක සැරේට එලාගෙන
n ගාණක threads (අපි)
n-1 resources (බත් පැකට්) වලට බහිනවා.

වළි කුකුළන් n දෙනයි
බලන්න හරි ලස්සනයි......

රෝයල් මුදලාලි තාම සිද්ධිය දන්නෙ නෑ
දෙයියන්ගෙ පිහිටෙන් අපේ බෝඩිමේ උදේ දවල් රෑ කියල වෙනසක් නෑ
threads දුවනවා

Wednesday, May 27, 2009

The සරම

අපරාදෙ කියන්න බෑ.
අපේ බෝඩිම අපි හරිම ලස්සනට තියාගෙන ඉන්නවා.
වැඩිය කුණු ගෑවෙන්නත් නැති නිසා.
සෙමෙස්ටර් එකකට සැරයක් අතුගෑවම ඇති.
මේ කතාව බෝඩිමේ ජනෙල් දොරවල් ගැන නෙවෙයි.
මේ අපි ගැන.

අපි හරිම අල්පේච්ඡ සෙට් එකක්.
ඔය වැඩිපුර දේවල් ළඟ තියාගෙන මොකටද ආශාවල් වැඩිකරගන්නෙ.
ඉතින් හැමෝම තියාගෙන ඉන්නෙ ඕනැම දේකින් එකයි.
උදාහරණ විදියට එක සරමයි, එක කලිසමයි.
ඒක තමයි the සරම, the කලිසම කියල කියන්නේ.
ඇඳුම මාරු කරන්නෙ හරිම සිම්පල් ඇල්ගොරිතම් එකකට.
the සරම <==> the කලිසම
forever loop 1ක්.

ඔන්න දවසක් අපේ නුවන් රෝයල් එකට (ඒක තමයි කඩේ නම) ගියා රෑට කන්න බත් එකක් අරන් එන්න.අපි සාමාන්‍යයෙන් කන්නෙ එතනින්. එතන කතා ජෙනරේට් වෙන තැනක්.
නුවන් පෝලිමේ ඉඳලා කෑම එකක් අරගෙන කවුන්ටර් එක ළඟට ගියා.
අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ඇඳගෙන ගියේ the සරම තමයි.
පොඩ්ඩක් හරිබරි ගැහිල ඉන්න කොට නුවන්ගෙ සරම පොඩ්ඩක් එහෙ මෙහෙ උණා.
ඉතින්...
කවුන්ටර් එකේ අයියා නුවන්ගෙන් ඇහුවා (ෆිට් එකට)
"මල්ලි, කැඩුණා නේ the සරම....?"
මළ කෙළියයි....
නුවන්ට හතර විලි ලැජ්ජාවයි. කරගන්න දේකුත් නෑ.
"මූ කොහොමද ඒක දැන ගත්තෙ අපේ තනි සරමෙ සීන් එක...?"
ඉතින් නුවන් අයියට හෙමිහිට ෂේප් එකේ, "මේ අයියේ ඔයා ඕක දැනගත්තට අනේ ඕක කාටවත්ම කියන්න එපා" කියල එතනින් මාරුවුණා.

අපිත් නිකම් හිටියෙ නෑ. ලෝකෙම දැනගන්න එපැයි.
අපේ කෙරුවාව ඔන්න පබ්ලිෂ් කරා the සරම.

Tuesday, May 26, 2009

බෝඩිමේ කතා

ඔන්න අපේ බෝඩිමේ කට්ටියත් බ්ලොග් එකක් පටන් ගත්තා. සිංහලෙන්ම ලියන්න තමයි කල්පනාව.
හැමදාම බෝඩිමේ කාටහරි මොකක් හරි ඇබැද්දියක් වෙනවා. ඕව ගැන රටේ ලෝකෙ මිනිස්සුත් දැනගන්න එපැයි. ඒකයි බ්ලොග් එකක් ලියන්න හිතුවෙ. මේක මේ එක්කෙනෙ‍ක් ලියන බ්ලොග් එකක් නෙමෙයි. බෝඩිමේ 10 දෙනාම ලියනවා.