Wednesday, June 3, 2009

ගැටයාගේ වගතුග

මට මතකයි දවසක් ගැටය ගැන කිව්වා,
හැබැයි වැඩි විස්තරයක් නම් කියන්න වුණේ නැහැ.
ගැටය ගැන තනි වචනයකින් කියනව නම්
"නොදැමුණු" තමයි හොඳම වචනය.

ස්.......... වැඩිය හයියෙන් කියවන්න එපා,
ගැටයට ඇහෙයි.

ගැටයා තමයි බෝඩි‍මේ අදිසි හස්තය.
කොයි වෙලාවෙ කාගෙ හරි ඇඟට කඩා පනී‍විද කියල දන්නෙ ගැටයම විතරයි.
සමහර විට මේක ටයිප් කරල ඉවරවෙන්න කලින් මාව
දිව්‍ය ‍ලෝක හතරෙන් එකකට හරි අපායට හරි ගිහිල්ල තියෙන්නත් පුළුවන්.
එහෙම වුණොත් එහෙදි හම්බ වෙච්ච වෙලාවකට විස්තරේ කියන්නම්.
ඒ තරමටම ගැටය විශිෂ්ටයි. අවිනිශ්චිතයි. තුච්ඡයි.

ගැටය අපිව පෙළුවට අපේ වැඩේම
වන්දිභට්ටයො රෑන වගේ ගැටයට ප්‍රශස්ති කියන එක.

ගැටයා සුවඳයි මල සේ.........
ගැටයා හඳට ගියාලූ..............
ගැටයා මයි ලොව දෙවියන් වන්නේ...............
පෙම්බර ගැටයාණ.....නුඹ නැති සඳපාන.........
ගැටයා නමින් කව් ගී ලියැවුණා මදී.......

ඉතින් ගැටයත් හිනාවෙවී මේව අහගෙන ඉන්නව.
ඒක මහ දුෂ්ට හිනාවක්....

අපි ගැටයගෙ ජාන සිතියම සකස් කළා.
ඒක හරිම සරලයි.
ගැටය හැම වෙලේම මෙන්න මේ අවස්ථාවලින් එකක තමයි ඉන්නෙ.
Tag mode - ගැටය එක තැන
Sleeping mode
Shaking mode - ගැටය කකුල් දෙක හොලව හොලව ඉන්නව
රූටින් ‍mode - මේක ඔයගොල්ලොන්ට කිව්වට තේරෙන්නෙ නෑ
ගැටය වැඩිපුරම ඉන්නෙ ආලවක mode එකේ තමයි.......
ඔය mode වලින් පිට ගැටය ඉන්න වෙලාවක් හොයාගන්න අමාරුයි.

ගැටයගෙ ගම ගොඩකවෙල අටකලම්පන්න.
හැබැයි මිනිහ සිංහබාහුගෙ මුණුපුරෙක්.
නිරහංකාර ගැටය මේව කියන්නෙ නෑ.
දවසක් ලොකු සටනක් මැද්දෙදි "මම සිංහයෙක් තමයි යකෝ!!!" කියන කොට තමයි අපිත් දැනගත්තෙ.

මේ භයංකාර ශාපයෙන් අපිව ගලව ගන්න පුළුවන් අදහසක් තියෙනව නම් ප්‍රතිචාරයක් දක්වලම යන්න.

මතු සම්බන්ධයි. (ජීවත් වෙලා හිටියොත්...)

7 comments:

  1. බි ෙප සි!

    මිනිහාට නිදි බෙහෙත් දෙන්න රූටින් Mode වලදී! ;) හොඳම විදිහක් තමා ආාාාාාදරෙන් බීම එකක් එක්ක දෙන ඒක.

    ඔන්න දීලා වැඩි වුණොත් මම නෑ!

    ReplyDelete
  2. හිහ් හික් හි
    නිදිපෙති දීලා මාට්ටු උනොත් ඔං අපිත් නෑ ඔවට
    අපි මොනවත් කිව්වෙත් නෑ මොනවත් දැක්කෙත් නෑ

    ReplyDelete
  3. ගැටයව ගැට කපන්නෙක්ට සෙට් කරන්න

    ReplyDelete
  4. අපෙත් ඉන්නවා ඔය කියන ජාතියෙම එකෙක් උගෙ කාඩ් එක "මායා" කරන තරමක් කරන්නෙ පුන්චිම් පුන්චි වැඩ.කෙල්ලෙක් සෙට්කරල දුන්නා හැදෙයිද බලන්න මොන...!! කීයටවත් බෑ උබලත් කෙල්ලෙක් සෙට්කරල දීල බලපල්ලා. සමහර විට හරියන්න පුලුවන්.

    ReplyDelete
  5. පෝස්ට් එකෙන් පස්සෙ ගැටයාගෙ තත්වය එන්න එන්නම දරුණු වෙනවා.

    @Sahan ඔය අනුන්ට කරපු වැඩ කරල හරි යල එකක් නෑ. මේ ‍ලෝකෙට ඉන්නෙ එකම එක ගැටයයි. ඌ කරුමෙට අපේ බෝඩිමේ.

    ReplyDelete
  6. oya gataya oya taram bala sammapanna kenekn dha....hari pudumai neda

    ReplyDelete