Sunday, June 14, 2009

ජන්මය <= පුරුද්ද

ඇත්තටම පුරුද්ද කියන එක ජීවිතේට සෑහෙන
බලපෑමක් කරනව.
සමහර වෙලාවට තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වුණත්
පුරුදු අතෑරෙන්නෙ නෑනෙ............

යටගිය දවස..............................
නෑ නෑ.........මේක එච්චර පරන කතාවක් නෙවෙයි
බෝඩිමේ දොර කැඩිල
වැහුවොත් වැහුවම තමයි ඇරිලි බොරු......
ඒ මදිවට බෝඩිමෙ අයිතිකාරයගෙ
බර බරේ...........
මේ මල්ලි මොකක්ද මේ.....................blah.. blah... blah...
මිනිහ දොර හදන්නෙ නෑ,

අපිත් ඇතෑරියෙ නෑ
දොර වහලම දැම්මා
අලුත් දොරක් හදා ගත්ත
දොරක් නෙවෙයි දොරවල් හතරක්ම
ජනෙල් දොරවල් බවට පත් කරා
හරිම සිම්පල් ප්ලෑන් එකක්.........

බෝඩිම පාර අයිනෙමයි තියෙන්නෙ
දහ පාලොස් දෙනෙක් හැම තිස්සෙම ජනේලෙන් පනිද්දි
පාරෙ යන එන අයගෙ මූනු දිහා බලන්න ලස්සනයි

මොන මහත්තය ආවත්
ජනේලෙන් තමා ඇතුලට ගන්නෙ
කරදරකාරයො එන එකත් සෑහෙන්න අඩු උනා......
හැම කළු වලාවකම රිදී රේඛාවකුත් තියනවනෙ
වැඩේ හොඳම හරිය කියන්නෙ
අපි සමහර වෙලාවට අමාරුවෙන් දොර ඇරල තියනව
ඒ වෙලාවටත් ටියුබ් ලයිට් ඩයල් ජනේලෙන් පනිනවනම්
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නොකිය වෙන මොනව කියන්නද.......

4 comments:

  1. ඉඩකඩ තියෙන තැනක දහ පාලොස් දෙනෙකුට සෙට් වෙන්න පුළුවන් නම් මාර ආතල් එක. mini හොස්ටල් එකක් වගේ. :D

    ReplyDelete